දිණුවෝ අප මුණිදානෝ..
විදුරසුනේ සිට ජය පෑවෝ..
සාර අසාර බව සේවන වැනසුම්..
දිවාකර අඳුර නසාලු
මුක්ති භාව නිර්වාණ සදාලු
සුර නර සිත සුව සෑදූ
සෑසි මුණි මහා ඥාණි..
දම්සක කැරකි අමා දොර ඇරුණි
නිවනින් ලෝ සත නැහැවේ…
රාග ගිණි නිවනා දම් වරුසා..
ද්වේශ නැසූ සිලිලාරේ..
අඳුර දවා දිලි දිලී ප්‍රදීපේ
එතෙර යැවු සංසාරේ..
සැනසීම ලැබූ නිර්වාණ ජිවිත අපගේ පුණ්‍ය තඩාගේ
අරවින්ද පිපී මල් වාරේ..
දිණුවෝ අප මුණිදානෝ….
දීන දුඛි අඳ පණ බාල දනෝ ඔහේ යති යනවා වාලේ…
ඇයිදෝ එළියක් සොයා නොයන්නේ…
හිරු මඩල ඇතේ ලොව පායා..
බුදු සමිඳුන් ගැන සිත පහදා..
කිසිවක් නැත සැමදා පවතින්නේ
බුදුසරණය අපට වටින්නේ…
දිණුවෝ අප මුණිදානෝ…
බෝ සෙවනේ මර සේනා පැරදී..
සුණු විසුණු වුණා පව් ලෝකේ..
හද ශෝක නිවා සිත සහන දී දී
මහා කරුණා මුණිදානෝ..
මේ ජිවිත සැපත ලඟා වේ
එනු මැන යමු මුණි ගිය එම පාරේ..
වෙන කවුරුද සැපත සදන්නේ…
🙏🙏🙏 දිණුවෝ… දිණුවෝ… දිණුවෝ…
අප මුණිදානෝ…. 🙏🙏🙏
The most reliable religion in the universe is Buddhism.. Buddhism is the root of Bodhi.. It is not trivial to understand that root of Bodhi.. Dharma must be seen to equalize all the teachings that arose from this root of Bodhi.. Then all the religions of the world have the ability to become one.. All cultures from the same root. Buddha has the ability to bring the creatures of the world under one flag when the world knows that it has arisen.
By making the world understand the range of science that can take control of the universe, by understanding the truth that all the worlds are controlled and that the range between physics and cosmology is a dharma that cannot be imagined by the human mind, Diyasen Buddha’s unique journey of explaining the origin of the universe has succeeded in breaking down the petty worldly sciences of the world animal. ..
Even though Gautama Buddha also preached that no worldly meditation in the world can develop the mind and attain Nirvana, how wrong is this path of Nirvana for Sangya today..
Nirvana is something that must be seen.. It is something that must be seen by generating wisdom.. Did anyone know what the light of wisdom is… No one in the world can generate this light of wisdom without the power of a Buddha. By doing this, one gets the power to answer all the world’s questions in any way.
Human beings who do not know that each other’s ultimate power is the alignment of the universe live in competition.. There is no competition here when the reality of religion is understood. By understanding the inverse movement of the universe, the Diyasen program, which brings the world under one flag by removing the arguments between each other, is bound to be a huge success.
It does not have the power to become an Arhat by itself.. it must obtain the power of the Buddha, i.e. the power of adishtana. The emergence of the Rahats in the past is the result of not understanding the Dharma.. The Buddha has preached and explained the fault of the world in not knowing that this Nirvana can only be achieved by the Buddha’s determination.
The great truth that the world that thinks it has seen Nirvana has not seen Nirvana is a truth that needs to be corrected and understood in a deeper way about Nirvana.
One should understand the alignment of Nirvana values from 9 to 0.. Then one can analyze each other’s wisdom through the dharma. The highest level of Nirvana is the nature of the Buddha.. Values called Bindu, which consider it as having no value.
Worship the reliable Buddha kings of the universe 🙏🙏🙏
විශ්වයේ විශ්වසනීය දහම බුදු දහමය්.. බුදු දහම යනු බෝධි මුලයය්.. එකී බෝධි මූලය අවබෝධ කිරීම සුළුපටු නොවේ..මෙම බෝධි මූලයෙන් හටගත් සියළුම ධර්මයන් සමාන කිරීමට ධර්මය දැකිය යුතුය.. එවිට ලෝකයේ සියලු ආගම් එකක් කිරීමට හැකියාව ඇත.. සියළුම සංකෘතින් එකම මූලයකින් හටගත් බව ලෝකයා දැනගත් කල්හි ලෝක සත්වයා බුදුන්ට එක කොඩියක් යටට ගෙන ඒමෙ හැකියාව ඇත..
විශ්වයේ පාලනය සියතට ගත හැකි විද්‍යා පරාසය ලෝකයාට අවබෝධ කරවීමෙන් ලෝක සියල්ලම පාලනය වන සත්‍යය වටහා දීමෙන් හා භෞතික විද්‍යාවත් විශ්ව විද්‍යාවත් අතර ඇති පරාසය මිනිස් සිතකට හිතා ගන්න බැරි ධර්මතාවයක් බව දියසෙන් බුදුන් විශ්වයේ මූලය විස්තර කරමින් යන ඒකීය ගමන සත්වයාගේ මද මාන ලෞකික විද්‍යාවන් බිඳ හෙලිමට සමත්ව ඇත..
ලෝකයේ කිසිඳු ලෞකික භාවනාවකින් මනස දියුණු කර නිවන් දැකිය නොහැකි බව එදා ගෞතම බුදුන් වහන්සේ ද දේශනා කර තිබියදීත් අද සන්ග්යා වහන්සේලාට මෙම නිර්වාණ මාර්ගය කෙතරම් වැරදි ඇතිද..
නිර්වාණය යනු දැකිය යුතු දෙයකි.. එය ප්‍රඥාව උපදවා දැකිය යුතු දෙයකි.. ප්‍රඥාවේ ආලෝකය කුමක්ද කියා කිසිවෙක් දැන සිටියාද… බුදු කෙනෙකුගේ අධිෂ්ටාන බලය නොමැතිව ලෝකයේ කිසිඳු කෙනෙකුට මෙම ප්‍රඥාවේ ආලෝකය තමන් විසින් උපදවා ගත නොහැකිය.. එය දියසෙන් බුදුන් වහන්සේගේ දේශිත බලඝනකය අවබෝධ කිරීමෙන් ලෝකයේ සියලු ප්‍රශ්නයන්ට ඕනෑම ආකාරයෙන් පිළිතුරු ලබාදීමේ බලය ලැබේ..
එකිනෙකාගේ පාරමිතා බලය විශ්වයේ පෙළ ගැස්ම බව නොදත් මිනිසා තරඟයක නියැලෙමින් ජිවත් වේ.. දහමේ යථාර්තය අවබෝධ වු කලි කිසිඳු තරඟයක් මෙහි නැත. විශ්වයේ අනුලෝම ප්‍රතිලෝම ගමන අවබෝධ කිරීමෙන් එකිනෙකා අතර ඇති වාද බේද දුරලා එකම කොඩියක් යටට ලෝකයම ගෙන එන දියසෙන් වැඩපිලිවෙල අති සාර්ථක වනු නියතය..
තමන් විසින්ම තමන්ට රහත් වීමට බලය නැත.. එයට බුදුන්ගේ බලය එනම් අධිෂ්ටාන බලය ලබා ගත යුතුය.. එය එකිනෙකාගේ පාරමී බලය අනුව බුදුන් වහන්සේ තම තමන්ගේ පාරමී බලය අනුව බුද්ධ බලය ලබාදේ.. මලියදේව මහා රහතන් වහන්සේ ගෞතම බුදු සසුනේ අන්තිම මහා රහතන් වහන්සේ වන බවත් පසූ කාලීනව රහතුන් බිහිවීම දහම අවබෝධ නොවීමේ ප්රතිඵලයකි.. බුද්ධ අධිෂ්ටානයෙන් පමණක්ම මෙම නිර්වාණය ලැබෙන බව ලෝකයා නොදැන සිටීමේ වරද දියසෙන් බුදුන් වහන්සේ දේශනා කර පැහැදිලි කර ඇත.. විපාක බලයක් තමන්ටම සකසා ගත හැකි නම් බුදුවරු මේ ලෝකයට එන්නේ කුමකටද…
නිවන් දැක්කා සේ සිතන ලෝකයා නිවන් නොදැකපු මහා සත්‍යය තමාම නිවැරදි වෙමින් නිවන පිලිබඳ ගැඹුරු මානයෙන් අවබෝධ කල යුතු සත්‍යතාවකි..
නිවනේ අගයන් අංක 9 සිට 0 තෙක් පෙළ ගැස්ම තමා විසින් අවබෝධ කල යුතුවේ.. එවිට එකිනෙකාගේ ඥාණය ධර්මය තුලින් තමන්ටම විග්රහ කරගත හැකිවේ.. ඥාණ මට්ටම් විශ්වයේ පෙළ ගැස්ම බව කෙනෙක් දැනගන්නේ නම් එකිනෙකාට වෛර කිරීමෙන් මිදෙනු ඇත.. තමා යා යුතු සංසාර දුර ද වැටහීම ලැබෙනු ඇත.. නිර්වානයේ උපරිම මට්ටම බුද්ධ ස්වභාවයය්.. එය අගයක් නොමැති සේ සලකන බින්දුව නැමැති අගයය්.. බින්දුව යන්න අනන්ත බලයක් බව දියසෙන් බලඝනකයෙන් අවබෝධ කොට විග්රහ කිරීමේ බලය අත්පත් කරගත යුතු සම්බුදු බවම සදා අමරණීයයි..
විශ්වයේ විශ්වසනීය බුදු රජුන් ට නමස්කාර වේවා 🙏🙏🙏
බුදුවරු ධර්මය දේශනා කලාට ආ.. ලෝකයේ ගැඹුරු මානය සොයා ගන්න ලේසි නෑ… බුදු දහමේ දේශනා වල ගැඹුර සොයා සිත ගමන් කිරීමට අනන්ත ජිවිත වල බුදුවරුන්ගේ බුද්ධත්වය වෙනුවෙන් තම ජිවිත කඳුළු රුධිරය දුවා දරුවන් අනන්ත වාරයක් දන් දෙමින් බුදුවරුන්ට ජීවිතය දන් දුන් මහා ප්‍රාණය බලය නිසාම මේ ධර්මය අවබෝධ කල හැකිවේ.
දියසෙන් බුදුන් වහන්සේ මහා ප්‍රාණය ගැන දේශනා කල වචනයේ ගැඹුර,.. ධර්මයේ ගැඹුර බව කිසිවෙක් නොසිතන්නට ඇත..
එකී මහා ප්‍රාණයම මිරිගුවක් සැදු ලෝකය තුල සිතුවිලි තුල අප අනන්ත වාරයක් අතරමං වන ස්වභාවය නිසාම විද්‍යා දේශනා ගැඹුර සහ එහි ගමන් කල යුතු මාර්ගයවත් තවමත් විදර්ශනාවට හසු නොවූ බව ලෝක සත්වයා නොදනී…
විශ්වය මත සිටගෙන ලෝකය දිහා ලෞකික දෑස් ඇරගෙන බලා සිටින්නේ තමා දෙස නොව අනුන් දෙස බව අවබෝධ කරන්නේ ආලෝකයේ ත්‍රිමාණය ගැඹුරින් අවබෝධ කිරීමෙනි..
හිරු නොපෑයු ලෝකය හිරු පායා ඇති බව දකින මායාව කෙතරම් ගැඹුරු ඥානයක් තමා තුල පහළ වී නැති බව කිසි වෙක් දකී නම් එය මේ දියසෙන් විද්‍යා දේශානා වල පළමු ගැඹුර වෙත මනස ගමන් කිරීමයි…
බලඝනකය යනු බුද්ධ ඥානය තුලින් විශ්වයම අවබෝධ කල බුදුවරුන්ගේ ඥාණය අවබෝධ කල හැක්කේ බුදු කෙනෙකුටම පමණි…
සත්‍යය සැඟව ඇත්තේ අනාවබෝධය නිසාමය..
නමුත් සත්‍යය කිසිදා යටපත් කල නොහැකි විශ්වයේ ධර්මතාවය බව දනිමි… 🙏🙏🙏
විශ්වයේ බුදු රජුන්ට නමස්කාර වේවා 🙏🙏🙏
සඳ මඩලක් සේ මෙත් සොමි ගුණෙනා
දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා
සමිඳුනී ඔබ වේවා…
පියුම් ගොමු..
හදවිල් ජලයේ…
උදා ලහිරු සේ ලොව සනසවනා
තරු වියනක් සේ සිත පහදවනා
සමිඳුනී ඔබ වේවා…
පහන් ටැඹ..
මා ලය මඩලේ…
මල් සුවදක් සේ සුළඟට වඩිනා
මව් වදනක් සේ සෙනෙහස ගලනා
සමිඳුනී ඔබ වේවා..
පිහිට මට..
මේ භව කතරේ…..
🙏🙏🙏