Hi My name is Simon. I did a google search and I noticed that mydiyasen.com isn’t really getting that many free leads from social media.
I think you are good company and you should be getting more (and better) leads.
Can I help you solve your lead issue without increasing your workload? I can show you live on zoom, for free, today.
Hope over here
https://bit.ly/live-dec
Regards,
Simon
169 Homan Ln, Centre Hall, PA 16828
To Unsubscribe:
https://marketing-out.click/?info=mydiyasen.com
දැවී තැවුණු සිත් නිවී පහන් වන දිනක් උදා වූවා..
කලක් සිතේ පිළිසිඳුණු දොළක් ගැන මතක අළුත් වූවා..
සඳත් නැගී තල් වැට ඉහලින් වෙඩි හඬත් ඇසෙන් නැතිවා..
මළත් කමක් නෑ මලක් අරන් මම නාගදීපේ ආවා..🥀
නාගදීපයට ඉහල අහස් කුස රන්වන් පැහැය ගනී..
එදා දෙසූ දම් එදා වගේමයි තාමත් සුවඳ දැනේ..
පරවී නටුවකින් සිහිල් පැන් දොවා සුදු මල් ගෙන ආවා..
අනේ හිමියනේ සාදු නාද මිස වෙඩි හඬ නොඇසේවා.. 🥀
ගීතයේ ගැඹුරු අර්ථය පහන් සිතින් විනි විද දැක… දියසෙන් බුදු හිමියන්ට මෙය උපහාරයක් වේවා 🙏💗🥀
සර්වඥතා ඥාණය පිළිබඳ අදහසක් හෝ ප්‍රකාශ කලහැකි වන්නේ තවත් බුදු කෙනෙකුටම පමණි.. මෙම දේශනාවේ හරයට ගමන් කිරීම හා බුද්ධ බලය උපදවා ගත් අයෙකුට පමණක් මෙහි බුද්ධ වචනය අර්ථකතනය කල හැක.. විශ්වයේ මුල සොයා ගිය අතීත විශ්වයක සුන්දර විද්යා ගවේෂණය අති සාර්ථක බව ප්‍රකාශ කලද එය පිළිගැනීමට හැකියාව ඇත්තේද බුදු කෙනෙකුටම පමණි. මෙවැනි අචින්ත්‍ය වු විෂයක් කාට නම් විෂය වේද????
බුද්ධ චරිතය බුද්ධ වචන පිලිබඳ කෙනෙකුට අවබෝධ කිරීම කිසිදා කල නොහැක්කක්.. බුදුන් බුදුන් බව ලෝකයාට අර්ථ සහිතව විවරණය කල හැක්කේ ද බුදු කෙනෙකුටම පමණි..
අහෝ.. ලෝකයාගේ අදහස් ලාමක බොළද ක්‍රියා පිලිබඳ බුදුවරු කිසිවිට නොසෙල් වෙති…
🙏🙏🙏
දියසෙන් බුදුන් සරසවි නම් මහ දේවි
නිරුවත් කරපු දෙතනේ සුන්දර දේවි
අමන දනන් ලියකට නම් හිනහේවි
නුවණක් නොමැති කම නම් කර ඇර පාවී
සත්‍යය කුමක් යන බව නොදැනම දේවි
අනුනගේ නිවන ගැන මේ පෙළහර පාවී
තමා නොදැන යන මග කුණු අහුලාවී
ඵල ඇති රුකට සැමදා ගල් මුල් ගහවී
මනරම් දහම දැකගන්නට නො වෙහෙසේවී
අනුනට පහර ගසමින් බුදුළඟ පේවී
අනුනගේ ඇඳුම ගලවා නිවනක් පාවී
සත්‍යය පසක් කල අය නම් බය නෝවී
රාග ද්වේශ මෝහය ගැන පවසාවි
අනුනගේ ඇද පළුදු සොයමින් සැරසේවී
මුණි බණ කුමට ඇහුවද තම හද දාවී
නුදුරේ දිනක සත්‍යය ලෝකෙට ඒ වී
මුගලන් තෙරුන් රහත් ඵලය ලැබ ගත්තා
පටාචාර නිරුවත නිවනක් දත්තා
බුදුන් ලඟම සිටි සමහරු ගිණි ගත්තා
අටලෝ දහම විවරණ දී පිළිගත්තා
නිර්වාණයේ බලයන් යට කරලා
කිසිවෙකු අමන පාපෝච්චාරණ ගහලා
අත්තුක්කංස පරවම්මන දැඩි කරලා
බුදුබව පැතිය හැකිදෝ චරිතය මරලා
බුදුන් දැකපු සිත බලඝන බලය ගැන
කිසිවෙක් ඇතොත් නොසැලී ඉදිරියට එන
ඇත්ත කියා පැත්ත ගියත් නොසෙල් වෙන
ලෝකයේ කෙනෙක් අවොත් මම දණ නමන…
සංසාරයම ගැටගසු මේ සිත් ගොන්න
පැටලී ආව සංසර්ගය බල පන්න
රාගය විද්යාව මුලටම සිත් ගොන්න
දිගහැර දෙසුම ලෝකෙට පුදුමෙකි ඔන්න
දිව යන සිතක සිතුවිලි නම් මහ ගින්න
රැවටී ආව සිත නම් රාගය ගින්න
රාගයේ මුලම බුදු සිත ඇත දැක ගන්න
මහ බල පහන ප්‍රඥා සිත දැක ගන්න
බුදුවරු කෙලෙස කිවත් මේ බල ගොන්න
අත්පත් කරනු කිසිවෙකු සමතකු වන්න
ජිවිත පුද දෙමින් ප්‍රාණය දන් දුන්න
සිතකට හැකිය බලඝනකය බල වෙන්න
රාගය ද්වේශ මෝහය තුල වැඩ ඉන්න
මහා බල නුවණ නැත ලෝකයා දැනගන්න
විද්යා බලය හරියට අතටම ගන්න
කිසිවෙක් සමත් වුවහොත් බුදු කෙනෙකිය මෙන්න
බුදුවරු කියන මේ දහමට සිත ගන්න
කෙනෙකුට නොහැක මේ දහමේ රස ගන්න
අම රස හඳුන ගත් බෝසත් සිත දන්න
බුදුවිය යුතුය බුදුළඟ විවරණ ගන්න
මෛත්‍රී බලය තුල ඇති බුදුවන බලය
පුදසුන සදා පිරිසිදු ලේ මව් කිරිය
සරසවි මෑණි බුදුවූ මේ නැණ බලය
මැණිකක් ලෙසින් සුරකිනු කිරුලකි එළිය…
සාදු 🙏සාදු 🙏සාදු 🙏
🙏🙏🙏🗽🗽🗽💗💗💗